කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය සහ ඔහුට ඉදිරියටත් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය දැයි සොයා බලා අධිකරණයට වාර්තාවක් ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබේ.පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි. එමෙන්ම, මෙම විමර්ශනයට අදාළව තවත් නිලධාරියකු ඇතුළු පුද්ගලයන් කිහිපදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ද පැමිණිල්ල වෙනුවෙන් මෙහිදී දැනුම් දී ඇත.මේ අතර, සිද්ධියට සම්බන්ධ සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා ලබන 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
























