ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති දමියානෝ ෆ්‍රැන්කොවිග් සහ ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අතර නිල හමුවක් නාවික හමුදා මූලස්ථානයේදී පවත්වා තිබේ.නව නාවික හමුදා ප්‍රධානියා ලෙස 27 වැනි ධුරයේ වැඩ භාරගත් වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වෙත ඉතාලි තානාපතිවරයා මෙහිදී සිය සුබපැතුම් එක් කර ඇති අතර, දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කර ඇත.ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන තවත් කරුණු කිහිපයක් පිළිබඳව දෙපාර්ශ්වය අතර සුහද සාකච්ඡාවක් පැවැත්වී ඇති අතර, මෙම හමුව සනිටුහන් කිරීම වෙනුවෙන් සමරු තිළිණ හුවමාරු කර ගැනීමකින් ද එය අවසන් විය.
























