‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ගින්න සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි හිමිකරු ඇප මත මුදාහැරේ

හොරණ, බටගොඩ ප්‍රදේශයේ පිහිටි ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ පසුගියදා ඇති වූ දරුණු ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි එහි හිමිකරු ඇප මත මුදාහැරීමට හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය, සැකකරුට රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ අතර, ඔහුට විදේශ ගමන් තහනමක් ද පැනවීමට කටයුතු කළාය. මෙම සිදුවීමට අදාළ නඩුව ලබන ජූනි මස 25 වැනිදා නැවත කැඳවීමට නියමිතය.​පසුගිය ජූනි 03 වැනිදා රාත්‍රියේ මෙම වැඩිහිටි නිවාසයේ හටගත් දරුණු ගින්නෙන් එහි නේවාසිකව සිටි වයෝවෘද්ධ පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලැබූහ. අනතුර සිදුවන අවස්ථාවේදී මෙම මධ්‍යස්ථානය තුළ පුද්ගලයන් 72 දෙදෙනෙකු සිට ඇති අතර, ඉන් 51 දෙනෙකු කිසිදු හානියකින් තොරව බේරා ගැනීමට ආපදා සහන කණ්ඩායම් සමත් විය.

What's your reaction?

Related Posts

1 of 1,184

Leave A Reply

Your email address will not be published. Required fields are marked *