සෞදි අරාබියේ ප්‍රධාන තෙල් නළ මාර්ගයක් වසා දමයි

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය සහ ගැටුම් පුළුල් වීමත් සමඟ, සෞදි අරාබියේ ප්‍රධානතම ඛනිජ තෙල් ප්‍රවාහන නළ මාර්ගයක් තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ. නළ මාර්ගය අසල ප්‍රදේශයකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීම මෙම තීරණයට මුල් වී ඇති අතර, එය පූර්ව ආරක්ෂක ක්‍රමෝපායක් ලෙස සිදු කර ඇත.​කිලෝමීටර් 1200ක දිගකින් යුත් මෙම නළ මාර්ගය, හෝමූස් සමුද්‍ර සන්ධිය මගහරිමින් රතු මුහුදේ පිහිටි යන්බු අපනයන වරාය වෙත බොරතෙල් ප්‍රවාහනය කිරීම සඳහා ලෝකයේ ප්‍රධානතම තෙල් අපනයනකරු වන සෞදි අරාබියට මහත් රුකුලක්ව පැවතුණි. ගෝලීය ඛනිජ තෙල් සැපයුමෙන් සියයට 4ත් 5ත් අතර ප්‍රමාණයක් මෙම තනි මාර්ගය හරහා පමණක් හැසිරවීම විශේෂත්වයකි.​යේමනයේ ප්‍රදේශ රැසක් හුති කැරැලිකරුවන් විසින් සිය පාලනයට යටත් කර ගනිමින් සිටින සංවේදී පසුබිමක් තුළ මෙම තෙල් නළ මාර්ගය වසා දැමීම සිදුව තිබේ. මෙම වසා දැමීම ජාත්‍යන්තර තෙල් වෙළඳපොළට සහ සැපයුම් දාමයට දැඩි ලෙස බලපෑම් කළ හැකි වැදගත් ආරක්ෂක පියවරක් ලෙස සැලකේ.

What's your reaction?

Related Posts

1 of 950

Leave A Reply

Your email address will not be published. Required fields are marked *