ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීම සඳහා සුදුසු වායුගෝලීය පසුබිමක් මේ වන විට නිර්මාණය වෙමින් පවතී.ඒ අනුව උතුරු, උතුරු-මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද දහවල් 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මේ අතරින් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 ඉක්ම වු තරමක තද වැසි ඇති වීමේ හැකියාවක් ද පවතී.ඊට අමතරව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි හානි වළළා ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණ අංශ ජනතාවට දන්වා සිටියි.



























