හම්බන්තොට මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයෙකු වූ එරාජ් ප්රනාන්දු මහතා ජීවිතක්ෂයට පත්ව තිබේ. මියයන විට ඒ මහතා 57 වන වියෙහි පසු වූ අතර, ඔහුගේ සිරුර බම්බලපිටිය ප්රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක් තුළ තිබී සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.දේශපාලන ක්ෂේත්රය තුළ දිගු ගමනක් පැමිණි ඒ මහතා, පළමුව 2014 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් හම්බන්තොට නගරාධිපති ධුරයට පත්විය. අනතුරුව 2018 වසරේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ද සහාය ඇතිව යළිත් වරක් එම ධුරයට තේරී පත්වීමට සමත් විය.මෙම අභාවය සම්බන්ධයෙන් මේ වන විට පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්රියාත්මක කර ඇති අතර, සිද්ධියට අදාළ ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකෙරෙමින් පවතී.

























