හිටපු ජනාධිපති ගෝඨාභය CCIBයට ප්‍රකාශයක් ලබා දී පිටව යයි

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) කළ කැඳවීමකට අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (09) පෙරවරුවේ එම කාර්යාංශය හමුවේ පෙනී සිට ඇත. ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව ඒ මහතා එතැනින් පිටව ගොස් තිබේ.​මෙම කැඳවීම සිදුකර ඇත්තේ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළවයි. සුගීෂ්වර බණ්ඩාර මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති ධුර කාලය තුළ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කර ඇත.​රාජ්‍ය ආයතන දෙකකින් එකවර වැටුප් ලබාගනිමින් රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනාවකට අදාළව සුගීෂ්වර බණ්ඩාර මහතා දැනට රිමාන්ඩ් භාරයේ පසුවේ.

What's your reaction?

Related Posts

1 of 1,415

Leave A Reply

Your email address will not be published. Required fields are marked *