අත්තනගල්ල සහ කරස්නාගල ජල පිරිපහදු ඒකකයේ සිදුකිරීමට නියමිත හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (ජූනි 16) අඟහරුවාදා පෙරවරු 8.00 සිට අනිද්දා (ජූනි 17) බදාදා අලුයම 3.00 දක්වා ප්‍රදේශ රැසකට පැය 19ක කාලයක් ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. මේ අනුව ගම්පහ මහ නගර සභා සහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, මිනුවන්ගොඩ, අස්ගිරිය, උඩුගම්පොළ, ඕපාත, වැලිවේරිය, බැලුම්මහර, රතුපස්වල සහ ඒ අවට ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව බලපානු ඇත.මීට අමතරව මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් මාහරගම, සිවුරළුමුල්ල, කිරිකිත්ත, කිනිගම, ඇටිකෙහෙල්ගල්ල මෙන්ම නිට්ටඹුව, වේයන්ගොඩ, කලගෙඩිහේන, තිහාරිය සහ නයිවල යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවීමට නියමිතය. රන්පොකුණගම නිවාස යෝජනා ක්‍රමය, ඌරාපොල, අත්තනගල්ල, බටලීය, වතුපිටිවල සහ ඒ අවට ගම්මාන රැසක ජනතාවට ද මෙම කාලය තුළ නල ජලය නිකුත් නොකෙරේ.ජල සැපයුම අත්හිටුවීම නිසා පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව පිළිබඳව ජල සම්පාදන මණ්ඩලය සිය කණගාටුව පළ කරන අතර, අවශ්‍ය ජලය කලින් රැස්කර තබාගෙන ඉතා අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අවශ්‍ය වන්නේ නම් 1939 ක්ෂණික ඇමතුම් අංකය අමතා ලබාගත හැකිය.



























