හෝමුස් සමුද්‍ර සන්ධියේදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ පිහිටි හෙන්ගම් දූපත අසලදී ඉරානයට අයත් වාණිජ කන්ටේනර් නෞකාවක් ඉලක්ක කර ගනිමින් හඳුනා නොගත් ප්‍රහාරයක් එල්ල වී තිබේ. මෙම අනපේක්ෂිත ප්‍රහාරය හේතුවෙන් නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.​සිද්ධියෙන් නෞකාවට සිදුව ඇති අලාභ හානිය සහ ප්‍රහාරයට සම්බන්ධ පාර්ශ්වය පිළිබඳව මේ වන විට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ. කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් හෝ පාර්ශ්වයක් විසින් භාරගෙන නොමැති බව සඳහන් වේ.

What's your reaction?

Related Posts

1 of 951

Leave A Reply

Your email address will not be published. Required fields are marked *