දූෂිතයන්ට දඬුවම් දීමේ නීතිමය පසුබිම සම්පූර්ණයි – ජනාධිපති

දූෂිතයන්ට සහ අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන නිසි පසුබිම වත්මන් රජය විසින් මේ වන විට සාර්ථකව සකස් කර අවසන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. කහටගස්දිගිලිය සතිපොළ භූමියේ පැවැති ජන රැළියක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.​වැරදිකරුවන්ට දඬුවම් දීම වැළැක්වීමට උත්සාහ කරන කුඩා ගෝත්‍රික මතවාදී කණ්ඩායමක් තවමත් සමාජයේ ක්‍රියාත්මක වන බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය. ඇතැමුන් තවදුරටත් “අපේ හොරා අපිට හොඳයි” යන පටු අදහසින් යුතුව කටයුතු කළද, රටේ අනාගතය වෙනුවෙන් එම අභියෝගවලට නොනැමී ඉදිරියට යන බව ඔහු සඳහන් කළේය.​කෙසේ වෙතත්, එවැනි පාර්ශ්වයන්ගේ විරුද්ධතා නොතකා වංචනිකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. රටේ පොදු යහපත උදෙසා දූෂණයට එරෙහි සටන කිසිදු විටෙක අත්නොහරින බවත්, රජයක් ලෙස සිය වගකීම් අකුරටම ඉටු කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

What's your reaction?

Related Posts

1 of 1,330

Leave A Reply

Your email address will not be published. Required fields are marked *