ළමයින් සේවයේ යෙදවීම වැළැක්වීමේ අරමුණින්, ඒ සඳහා පනවා ඇති දඩ මුදල් ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව, මීට පෙර රුපියල් දස දහසක් ලෙස පැවති දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා වැඩි කිරීමට පියවර ගෙන ඇත. ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවීමේ පනතට සිදුකළ මෙම සංශෝධන දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත.මෙම නව නීති යටතේ වයස අවුරුදු 18ට අඩු දරුවෙකු ඕනෑම කාර්මික ව්‍යාපාරයක සේවයේ යෙදවීම බරපතල අපරාධයක් ලෙස සැලකේ. ඒ සඳහා රුපියල් ලක්ෂයක දඩයකට අමතරව උපරිම මාස 12ක් දක්වා බන්ධනාගාර දඬුවමක් ද ලබා දිය හැකිය. වැදගත්ම කරුණ වන්නේ අධිකරණයට මෙම දඩය සහ සිරදඬුවම යන දෙකම එකවර වරදකරුට නියම කිරීමට බලය පැවරී තිබීමයි.දරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමට සහ ළමා ශ්‍රමය සූරාකෑමට තිත තැබීමට මෙම පියවර ගෙන ඇත. පවතින දඩ මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බැවින්, මෙම සංශෝධන හරහා නීතිය වඩාත් ශක්තිමත් කිරීමට රජය අපේක්ෂා කරයි. මෙය දරුවන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් ගත් ජාතික වැදගත්කමක් ඇති තීරණයක් වන අතර, අනාගතයේදී නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල කාර්යභාරය ද මේ හරහා පුළුල් වනු ඇත.



























