අගමැති මෝදිගේ වීඩියෝව අවහිර කිරීම ගැන මෙටා සමාගම සමාව අයැදී

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ තාවකාලිකව අවහිර වීම සම්බන්ධයෙන් මෙටා සමාගම ඉන්දීය රජය වෙත සිය කණගාටුව ප්‍රකාශ කර තිබේ. පසුගිය ජූලි 23 වැනි දින අන්තර්ජාලයට එක්කළ මෙම වීඩියෝවෙන්, විභාග ප්‍රශ්නපත්‍ර කාන්දුවීම් වැළැක්වීම සඳහා දැඩි නීති කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අගමැතිවරයා තරුණ පරපුරට සහතික කර තිබිණි.​තාක්ෂණික දෝෂයක් හේතුවෙන් වැරදීමකින් මෙම වීඩියෝව ඉවත් වී ඇති බවත්, මේ වන විට එය යථා තත්ත්වයට පත් කර ඇති බවත් මෙටා ප්‍රකාශකයෙකු සඳහන් කළේය. කෙසේ වෙතත්, මෙම සිදුවීමත් සමඟ ඉන්දීය ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය විසින් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ගෝලීය ප්‍රධානීන් සාකච්ඡාවක් සඳහා කැඳවීමට පියවර ගෙන තිබුණි.

What's your reaction?

Related Posts

1 of 880

Leave A Reply

Your email address will not be published. Required fields are marked *