ඌව, මධ්‍යම, සහ නැගෙනහිර පළාත්වල මෙන්ම පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල අද (05) පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම තත්ත්වය යටතේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක් තද වැසි ඇති වීමේ හැකියාවක් පවතී. මීට අමතරව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් වාර්තා විය හැක.ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි හානි වළක්වා ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.මේ දිනවල සූර්යයා දකුණට ගමන් කිරීමේ වාර්ෂික සංසිද්ධියත් සමඟ, අද දහවල් 12:08ට මොරටුව, කැස්බෑව, හඳපාන්ගොඩ, ඉදල්ගස්හින්න, යුදගනාව, කොටියාගල සහ පානම යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත. අගෝස්තු 28 වැනිදා සිට සැප්තැම්බර් 07 වැනිදා දක්වා කාලය තුළ සූර්යයා ශ්‍රී ලංකාවට ආසන්න අක්ෂාංශ මතින් සෘජුව ගමන් කිරීම මේ සඳහා හේතු වේ.



























