අධි වෙසක් සිරියෙන් දිවයිනම ආලෝකමත් වෙයි

​අධි වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (01) යෙදී ඇති අතර, ඒ නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් විවිධ ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ. සැදැහැවත් බෞද්ධ ජනතාව උදෑසන සිටම ප්‍රතිපත්ති සහ ආමිස පූජාවන්හි නිරත වෙමින් විහාරස්ථාන වෙත පැමිණෙන ආකාරය දැකගත හැකිය.​මෙම සුවිශේෂී පොහොය දිනය නිමිත්තෙන් “සවනක් රැස්” සජීවී ආගමික වැඩසටහන අද අලුයම 6.00 ට ඓතිහාසික කළුතර බෝධීන් වහන්සේ අභියසදී අතිඋත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය. දිවයිනේ නන්දෙසින් පැමිණි සැදැහැවතුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන මඟින් දාන, ශීල, භාවනා ඇතුළු පුණ්‍ය කර්මයන් රැසකට අවස්ථාව සලසා දී ඇත.

What's your reaction?

Related Posts

1 of 1,120

Leave A Reply

Your email address will not be published. Required fields are marked *