කලාවැව ජල පවිත්‍රාගාරයේ සිදුකිරීමට නියමිත අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනුරාධපුර ප්‍රදේශ කිහිපයකට හෙට (23) දින පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දන්වා සිටියි.ඒ අනුව හෙට පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා ඉහළගම, කලාවැව, මරදන්කඩවල, තිරප්පනේ සහ කැකිරාව යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත. ජල කප්පාදුව සිදුවන කාලය තුළ සිදුවිය හැකි අපහසුතා අවම කර ගැනීම පිණිස ප්‍රමාණවත් පරිදි ජලය කල්තියා රැස්කර තබා ගන්නා ලෙසත්, ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.



























