අමෙරිකාවේ රුසියානු තානාපති ඇලෙක්සැන්ඩර් ඩාර්චියෙව් මොස්කව්හිදී මියයයි

අමෙරිකාවේ රුසියානු තානාපතිවරයා ලෙස කටයුතු කළ ඇලෙක්සැන්ඩර් ඩාර්චියෙව් මොස්කව් නගරයේදී ජීවිතක්ෂයට පත්ව තිබේ. නිශ්චිතව හෙළි නොකළ නිදන්ගත රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු අභාවප්‍රාප්ත වූ බව රුසියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මරියා සකාරෝවා තහවුරු කර ඇත.​2025 මාර්තු මාසයේ සිට අමෙරිකාවේ රුසියානු තානාපති ධුරය දැරූ ඔහු, මීට පෙර කැනඩාවේ රුසියානු තානාපතිවරයා ලෙස මෙන්ම විදේශ අමාත්‍යාංශයේ උතුරු අමෙරිකානු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙසද සේවය කළ ප්‍රවීණ රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. 2025 පෙබරවාරි මාසයේ ඉස්තාන්බුල්හි පැවති රුසියානු-අමෙරිකානු සාකච්ඡා සඳහා රුසියානු දූත පිරිස මෙහෙයවනු ලැබුවේද ඔහු විසිනි.​විශිෂ්ට නායකයෙකු සහ පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස ඔහුව හඳුන්වා දෙමින් රුසියානු විදේශ අමාත්‍යාංශය සිය ශෝකය පළ කර තිබේ. ඩාර්චියෙව්ගේ අවසන් කටයුතු සිදුකෙරෙන දිනය සහ ස්ථානය පිළිබඳ තොරතුරු ඉදිරියේදී නිවේදනය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

What's your reaction?

Related Posts

1 of 1,040

Leave A Reply

Your email address will not be published. Required fields are marked *