ආපදාවට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ සහ වන්දි ගෙවීමේ කටයුතු ප්රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් අවශ්ය මූල්ය ප්රතිපාදන වෙන්කරමින් ඉතා සාර්ථකව ක්රියාත්මක වන බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (10) පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළාය. තාක්ෂණික සහ පරිපාලනමය හේතු මත ඇතැම් ප්රමාදයන් සිදු වුවද, බාධක අවම කරමින් කටයුතු කඩිනම් කිරීමට උපදෙස් දී ඇති බව ඇය සඳහන් කළාය. මේ වන විට වගා හානි, ජීවිත හා දේපළ හානි මෙන්ම සත්ව ගොවිපළ සහ සුළු ව්යාපාර සඳහා වන දීමනාද සැලකිය යුතු මට්ටමකින් ලබා දී අවසන්ය.ආපදා තත්ත්වය වෙනුවෙන් ලැබුණු සියලුම දේශීය හා විදේශීය පරිත්යාග මුදල් භාණ්ඩාගාරය යටතේ පවතින විශේෂ ගිණුම්වල සුරක්ෂිතව ඇති බැවින් එහි නිත්යානුකූලභාවය පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බව අග්රාමාත්යතුමිය මෙහිදී අවධාරණය කළාය. ඒ අනුව දේශීය පරිත්යාගශීලීන්ගෙන් රුපියල් බිලියන 7.599ක් සහ විදේශයන්ගෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 11.5ක් ලැබී ඇති අතර, එම අරමුදල් නියෝජ්ය භාණ්ඩාගාර ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ විනිවිදභාවයකින් යුතුව පොදු යටිතල පහසුකම් නැංවීමට සහ ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමට පමණක් යොදවන බවද ඇය පැවසුවාය.හදිසි ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා ආරක්ෂක ලේකම්වරයා නිකුත් කළේ ගැසට් පත්රයක් නොව සහන සේවා චක්රලේඛයක් පමණක් බව පෙන්වා දුන් අග්රාමාත්යවරිය, හානියට පත් නිවාස අතරින් සමහරක් අනවසර හෝ අවදානම් කලාපවල පිහිටා තිබීම හේතුවෙන් නැවත පදිංචි කිරීම් සඳහා වසරක් පමණ ගත විය හැකි බවද සඳහන් කළාය. කෙසේ වෙතත්, ස්ථිර නිවාස අහිමි වූවන් සඳහා රජය විසින් කුලී දීමනා ලබා දී ඇති අතර, තාවකාලික නිවාස ව්යාපෘතියක (Transitional Housing Project) කටයුතුද මේ වන විට සැලකිය යුතු මට්ටමකින් අවසන් කර ඇති බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.























