ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඇමෙරිකානු ඩොලර් බිලියනයක දැවැන්ත මුදලක් නීතිවිරෝධී අයුරින් විදෙස් රටවලට යැවීමේ සිද්ධියකට සම්බන්ධ වීම මත අදාළ නිලධාරීන් සේවය කළ බැංකු තුළදීම මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙම මූල්‍ය ජාවාරම මෙහෙයවූ ප්‍රධාන සැකකරු විසින් අදාළ බැංකු කළමනාකරුවන්ට සතිපතා මුදල් පිරිනමා ඇති බවයි. ඒ අනුව එක් අයෙකුට සතියකට රුපියල් 30,000ත් 100,000ත් අතර මුදල් ප්‍රමාණයක් ලැබී ඇති අතර, එක් අවස්ථාවකදී බැංකු කළමනාකරුවෙකුට රුපියල් ලක්ෂ 10ක කදවුරු මුදලක් ද ලබා දී තිබේ.මෙම නීතිවිරෝධී මුදල් විශුද්ධිකරණ ජාලය සහ ඊට සම්බන්ධ සෙසු පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් පුළුල් විමර්ශන ක්‍රියාත්මක කර ඇත.



























