කටාර් රාජ්‍යයේ දෝහා නුවරදී ඇමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා වටයක් පැවැත්වීමට නියමිත බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර සිටියේ, දෙරටේ පවතින ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ඉරානය විසින්ම මෙම හමුව ඉල්ලා සිටි බවත්, ඒ අනුව එළඹෙන අඟහරුවාදා දිනයේදී එම සාකච්ඡා ආරම්භ කෙරෙන බවත්ය.කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ මෙම අදහස ඉරාන බලධාරීන් විසින් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාසෙම් ගරිබාබාදි මහතා අවධාරණය කර සිටින්නේ, මෙම සතිය තුළ ඇමෙරිකානු පාර්ශ්වය සමඟ කිසිදු සෘජු රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවක් පැවැත්වීමට ඉරානය කිසිසේත්ම සැලසුම් කර නොමැති බවයි.



























