මෙරට බලශක්ති අවශ්‍යතාව සපුරාලීම සඳහා අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවත්වාගෙන යාමේ අරමුණින් මෙට්‍රික් ටොන් 97,500ක් රැගත් තවත් දැවැන්ත ඉන්ධන නෞකාවක් හෙට (17) දිනයේදී දිවයිනට ළඟා වීමට නියමිතය. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා මේ බව තහවුරු කර ඇත.පසුගිය 15 වනදා ද මෙට්‍රික් ටොන් 36,000ක ඉන්ධන තොගයක් මෙරටට ගොඩබා ඇති අතර, මේ වන විට ලැබෙමින් පවතින මෙම නව තොග හේතුවෙන් මෙරට බලශක්ති සුරක්ෂිතතාව තවදුරටත් ඉහළ ගොස් තිබේ. මෙම නව සැපයුම් ජාලයත් සමඟ ඉදිරි කාලය සඳහා අවශ්‍ය ඉන්ධන කළමනාකරණය කර ගැනීමට හැකියාව ලැබී ඇත.පවතින තත්ත්වය අනුව ජුනි මස මැද භාගය වන තෙක් මෙරටට අවශ්‍ය ඉන්ධන සංචිත සුරක්ෂිතව පවතින බව කළමනාකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. එබැවින් පාරිභෝගික ජනතාවට අඛණ්ඩව ඉන්ධන සැපයුම ලබා දීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති බව බලධාරීන් පවසයි.
























