ඊජිප්තු තානාපති අග්‍රාමාත්‍යවරිය හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති අතිගරු ඇඩෙල් ඉබ්‍රාහිම් මහතා සිය ධුර කාලය අවසන් කරමින් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය බැහැදැක තිබේ. එහිදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර, තානාපතිවරයාගේ සේවා කාලය තුළ දෙරටේම ප්‍රගතිය වෙනුවෙන් දැක්වූ කැපවීම අග්‍රාමාත්‍යවරිය විසින් මෙහිදී ඇගයීමට ලක් කර ඇත.​මෙම හමුවේදී ආර්ථික හා ආයෝජන සහයෝගීතාව වර්ධනය කර ගැනීම මෙන්ම සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වයේ අවධානය යොමු වී තිබේ. අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත ඇතුළු විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

What's your reaction?

Related Posts

1 of 1,282

Leave A Reply

Your email address will not be published. Required fields are marked *