උසස් පෙළ විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු ලබන මස මුල් සතියේ

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන නිල කඩඉම් ලකුණු (Z-Score) ලබන මස මුල් සතිය තුළ නිකුත් කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. මෙම කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සුදුසුකම් ලබන සිසුන්ට තමන් තේරී පත්ව ඇති අධ්‍යයන පාඨමාලා සහ ඉදිරි ලියාපදිංචි වීමේ කටයුතු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු දැනගැනීමට අවස්ථාව හිමි වේ.​විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය වසන්ත ලියනගේ මහතා සඳහන් කළේ, මෙවර උසස් පෙළ ප්‍රතිඵල මත පදනම්ව විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂාවෙන් සිසුන් 92,043 දෙනෙකු අයැදුම්පත් යොමු කර ඇති බවයි. දැනට පවතින සූදානම අනුව නියමිත කාලසීමාව තුළදීම කඩඉම් ලකුණු නිකුත් කර සිසුන් බඳවා ගැනීමේ ඉදිරි පියවර කඩිනම් කිරීමට බලධාරීන් අපේක්ෂා කරයි.

What's your reaction?

Related Posts

1 of 1,231

Leave A Reply

Your email address will not be published. Required fields are marked *