කඩවත – ගනේමුල්ල මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා දැමේ

වෙසක් උත්සවයට අදාළ විශේෂ සංවිධාන කටයුතු හේතුවෙන් කඩවත – රාගම පාරේ උමං මාර්ගයේ සිට ගනේමුල්ල වටරවුම දක්වා වන මාර්ග කොටස තාවකාලිකව වසා තැබීමට පොලිසිය පියවර ගෙන ඇත. එළඹෙන ජුනි මාසයේ 2 වැනිදා දක්වා මෙම මාර්ග වසා දැමීම ක්‍රියාත්මක වන අතර, මේ හේතුවෙන් රථවාහන ධාවනය සඳහා විශේෂ විකල්ප මාර්ගයක් ද හඳුන්වා දී තිබේ.​ඒ අනුව ගනේමුල්ල දෙසට ධාවනය වන වාහන සඳහා නුවර පාර ඔස්සේ ගමන් කර, ගනේමුල්ල පාර හන්දියෙන් වමට හැරී තම ගමනාන්ත වෙත ළඟා විය හැකි බව පොලිසිය දැනුම් දෙයි. මෙම තාවකාලික මාර්ග සංශෝධනය හේතුවෙන් සිදුවන අපහසුතාව පිළිබඳව රියදුරන් ඇතුළු මහජනතාවගේ සහයෝගය සහ අවධානය පොලිසිය අපේක්ෂා කරයි.

What's your reaction?

Related Posts

1 of 1,165

Leave A Reply

Your email address will not be published. Required fields are marked *