කතරගම ඇසළ මංගල්‍යයේ පළමු පෙරහර අද රාත්‍රියේදී

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යයේ ප්‍රථම පෙරහර අද (15) රාත්‍රියේදී වීථි සංචාරය කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මෙම උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් අද රාත්‍රියේ සුබ මොහොතින් ‘වාසනා’ නම් මංගල හස්තියා මත දේව ප්‍රතිමාව හෝ සර්වඥ ධාතූන් වහන්සේ වැඩම කරවනු ලබයි.​පෙරහර මහා වීථිය ඔස්සේ ගමන් කර වල්ලි අම්මා දේවාලය වෙත පැමිණ නියමිත චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමෙන් අනතුරුව, නැවතත් මහා වීථිය ඔස්සේ කතරගම දේවාලය වෙත ගෙවැදීමෙන් පළමු දින පෙරහර අවසන් වීමට නියමිතය. මෙම සුවිශේෂී සංස්කෘතික මංගල්‍යය දින 15ක කාලයක් පුරා පැවැත්වේ.​මෙම ඇසළ උත්සව මාලාවේ අවසන් මහා පෙරහර ජූලි 29 වැනි දින පැවැත්වෙන අතර, ජූලි 30 වැනි දා අලුයම මැණික් ගඟේ දී සිදුකරන දිය කැපීමේ උත්සවයෙන් අනතුරුව කතරගම ඇසළ මංගල්‍යය නිමාවට පත් වනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,237

Leave A Reply

Your email address will not be published. Required fields are marked *