කිරිපිටි මිල ඉහළ යෑමත් සමඟ කිරි තේ එකක මිලත් ඉහළට

ලෝක වෙළෙඳපොළේ පවතින මිල උච්චාවචනයන් සහ ඩොලරයට සාපේක්ෂව මෙරට රුපියලේ අගය අවප්‍රමාණය වීම හේතුවෙන් දේශීය වෙළෙඳපොළේ ආනයනික කිරිපිටි මිල ගණන් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පියවර ගෙන ඇත. ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 50කින් සහ කිලෝග්‍රෑම් 1ක පැකැට්ටුවක මිල රුපියල් 125කින් ඉහළ දමා තිබේ. මේ හේතුවෙන් ආපනශාලා නඩත්තු කිරීමේ පිරිවැය ඉහළ යාම නිසා අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිරි තේ එකක මිල රුපියල් 5කින් වැඩි කිරීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.​කෙසේ වෙතත්, මෙම මිල සංශෝධනය සාමාන්‍ය තේ (ප්ලේන් ටී) හෝ අනෙකුත් ආහාර ද්‍රව්‍ය සඳහා බලනොපාන බව එම සංගමය පැහැදිලි කරයි. පාරිභෝගිකයින්ට දැරීමට සිදුවන පිරිවැය අවම කරමින් ආපනශාලා කර්මාන්තය ඉදිරියට කරගෙන යාම සඳහා කිරි තේ මිල පමණක් මෙලෙස සුළු මුදලකින් සංශෝධනය කිරීමට සිදු වූ බව ඔවුහු වැඩිදුරටත් ප්‍රකාශ කරති.

What's your reaction?

Related Posts

1 of 1,150

Leave A Reply

Your email address will not be published. Required fields are marked *