කොළඹ නගර සභාව රෝස පැහැයෙන් සරසමින් පියයුරු පිළිකා දැනුවත් කිරීමේ මාසය එළිදකියි

ඔක්තෝබර් මස පියයුරු පිළිකා දැනුවත් කිරීමේ මාසය වෙනුවෙන් කොළඹ නගර සභාව සහ ඉන්දිරා පිළිකා භාරය එක්ව සංවිධානය කළ විශේෂ උත්සවයක් නගරාධිපතිනී ව්‍රායි බල්තසාර් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී කොළඹ නගර සභා ගොඩනැගිල්ල රෝස පැහැති ආලෝකයෙන් ආලෝකමත් කෙරුණු අතර, උත්සවයට එක් වූ පිරිස රෝස පැහැති සාරිවලින් සැරසී සිටීම විශේෂත්වයකි.​මෙම අවස්ථාවට එක් වූ ශ්‍රී ලංකා පිළිකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය සංජීව ගුණසේකර මහතා සඳහන් කළේ ලෝකයේ කාන්තාවන්ගෙන් හයෙන් එකකට පියයුරු පිළිකා වැළඳීමේ අවදානමක් ඇති නමුත්, මුල් අවධියේදීම හඳුනා ගැනීමෙන් මරණ අනුපාතය අවම කරගත හැකි බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ මෙරට තුළ වාර්ෂිකව පියයුරු පිළිකා රෝගීන් 6,000ක් පමණ වාර්තා වන අතර, දිනකට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 17ක් පමණ වන බවත්, එයින් 3 දෙනෙකු දෛනිකව මියයන බවත්ය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *