කොළඹ සහ තවත් ප්‍රදේශ රැසකට අද පැය 12ක ජල කප්පාදුවක්

විදුලිබල පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු සහ වැඩිදියුණු කිරීමේ කටයුතු කිහිපයක් හේතුවෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ රැසකට අද (04) දින ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන තිබේ. ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරන්නේ අද පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 12ක කාලයක් මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වන බවයි.​ඒ අනුව කොළඹ 01 සිට 15 දක්වා කලාප මෙන්ම බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොළොන්නාව සහ IDH යන ප්‍රදේශවලට ජලය සැපයීම තාවකාලිකව නැවතේ. මීට අමතරව කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව, පිළියන්දල, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, රාවතාවත්ත සහ සොයිසාපුර යන ප්‍රදේශවලට ද මෙමඟින් බලපෑම් එල්ල වේ.​මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ මුල්ලේරියාව උප පොළ ආශ්‍රිත නඩත්තු කටයුත්තක් නිසා අඹතලේ ජල පවිත්‍රාගාරයට ලැබෙන විදුලි සැපයුම අත්හිටුවීමට සිදුවීමයි. මීට සමගාමීව දෙහිවල සහ මාලිගාවත්ත ජල පොම්පාගාරවල ද විදුලි පද්ධති වැඩිදියුණු කිරීමේ කටයුතු අද දිනයේ සිදු කිරීමට නියමිතව ඇත.

What's your reaction?

Related Posts

1 of 1,219

Leave A Reply

Your email address will not be published. Required fields are marked *