පසුගිය අගෝස්තු 31 වැනිදා සිට සැප්තැම්බර් 03 වැනිදා දක්වා වූ කෙටි කාලසීමාව තුළ දිවයිනේ දෛනික විදුලි ඉල්ලුමෙහි මඳ පහළ යාමක් පෙන්නුම් කර ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව, අගෝස්තු මස අවසන් දිනයේ මෙගාවොට් 2,947 ක් ලෙස සටහන් වූ මෙරට උපරිම විදුලි ඉල්ලුම, සැප්තැම්බර් 03 වන විට මෙගාවොට් 2,920 ක් දක්වා ක්‍රමයෙන් අඩු වී තිබේ.විදුලි ඉල්ලුම මෙලෙස තරමක් පහළ ගියද, එම දින කිහිපය තුළ සමස්ත දෛනික විදුලි උත්පාදනය ක්‍රමයෙන් ඉහළ නැංවීමට කටයුතු කර ඇති බව සඳහන් වේ. එහිදී දෛනික මුළු උත්පාදනය ගිගාවොට් පැය 57ත් 58ත් අතර මට්ටමක ස්ථාවරව පවත්වා ගැනීමට හැකි වී තිබේ.මෙම කාලරාමුව තුළ ඉහළම විදුලි උත්පාදනයක් වාර්තා වී ඇත්තේ සැප්තැම්බර් මස 01 වැනි දින වන අතර, එදින සමස්ත උත්පාදන ප්‍රමාණය ගිගාවොට් පැය 58.37 ක් ලෙස සටහන් වී ඇති බව වැඩිදුරටත් දැක්වේ.



























