අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී සිරදඬුවම් නියම ලැබ සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් අභියාචනාධිකරණය විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ.ඊට අමතරව, උන්වහන්සේගේ විදේශගත වීම සම්පූර්ණයෙන්ම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් තවත් නියෝගයක් මඟින් විදේශ ගමන් තහනමක්ද පනවනු ලැබීය.මෙම විදේශ ගමන් තහනම පිළිබඳව ආගමන හා විගමන පාලකවරයාට වහාම දැනුම් දෙන ලෙසත්, නිකුත් කරන ලද විවෘත වරෙන්තුව පොලිස්පතිවරයා හරහා ක්රියාත්මක කරන ලෙසත් අධිකරණය නියෝග කර ඇත.



























