ලාෆ්ස් ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් කෙටි කෑම, රයිස් සහ කොත්තු මිල ගණන් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල ගණන් සංශෝධනය වීම මෙයට හේතු වී ඇත.ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් සහ කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 732කින් ඉහළ නංවා තිබේ.මෙම මිල වැඩිවීමට සමගාමීව කෙටි කෑමක මිල රුපියල් 5කින් ද, රයිස් සහ කොත්තු මිල රුපියල් 15කින් ද ඉහළ දැමීමට පියවර ගන්නා බව එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා සඳහන් කළේය.



























