මාරාන්තික වෛරස් විශේෂ දෙකක් එකවර ව්‍යාප්ත වීමේ බරපතළ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ජාත්‍යන්තර ප්‍රජාව වෙත දැනුම් දී තිබේ. ජිනීවා නුවර පැවැත්වෙන වාර්ෂික මහා මණ්ඩල සැසිවාරය අමතමින් එම සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් මහතා ලොව පුරා සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසයි. ‘හන්ටා’ (Hanta) සහ ‘ඉබෝලා’ (Ebola) යන භයානක වෛරස් ද්විත්වය මෙලෙස එකවර හිස එසවීම ගෝලීය සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදයකට ලක් කිරීමට සමත් බව ඔහු පෙන්වා දෙයි.මෙම අනතුරු ඇඟවීමේදී විශේෂයෙන්ම කොංගෝ රාජ්‍යයෙන් වත්මන් වකවානුවේ වාර්තා වන නව ඉබෝලා වෛරස් ප්‍රභේදයේ ව්‍යාප්තිය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇත. එක් අතකින් ඉබෝලා වසංගත තත්ත්වයත්, අනෙක් අතින් හන්ටා වෛරස් අවදානමත් එකම කාලසීමාවක් තුළ ක්‍රියාත්මක වීම මඟින් ලෝක මට්ටමින් ඇති විය හැකි බලපෑම සුළුකොට තැකිය නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් අවධාරණය කළේය.

























