ඥානසාර හිමියන්ට එරෙහිව මහාධිකරණයේ නඩු පවරයි

කුරානයට සහ ඉස්ලාම් දහමට අපහාස වන අයුරින් මාධ්‍ය හමුවේ ප්‍රකාශ නිකුත් කිරීමේ චෝදනාව මත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මේ පිළිබඳව අද (06) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරන ලදී. නීතිපතිවරයා ලබාදුන් උපදෙස්වලට අනුකූලව මෙම නීතිමය පියවර ගත් බව පොලිසිය එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.​මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේදී බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද අධිකරණය හමුවේ පෙනී සිටියහ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන අවසන් කර මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බැවින්, ඉදිරි කටයුතු සඳහා ඉහළ අධිකරණයෙන් ලැබෙන දැනුම් දීම්වලට අනුව ක්‍රියා කරන ලෙස මෙහිදී අවධාරණය කෙරිණි.​ඒ අනුව, මහාධිකරණය මගින් නිකුත් කරනු ලබන නොතීසියක් ලැබුණු විගස එහි පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඥානසාර හිමියන්ට නියෝග කරන ලදී. ආගමික සංහිඳියාවට බාධා වන අයුරින් සිදුකළ බව කියන මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් වන නඩු විභාගය ඉදිරියේදී කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,128

Leave A Reply

Your email address will not be published. Required fields are marked *