සිර දඬුවම් ලබා සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. අධිකරණය විසින් නිකුත් කර තිබූ වරෙන්තුවක් ක්‍රියාත්මක කිරීම සඳහා උන්වහන්සේ මෙලෙස අධිකරණය වෙත කැඳවාගෙන පැමිණ ඇත.මෙහිදී විශේෂිත සිදුවීමක් ලෙස ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් සැරසී අධිකරණය හමුවට පෙනී සිටීම දැකගත හැකි විය. අදාළ වරෙන්තු නියෝගයට අදාළ ඉදිරි නීතිමය කටයුතු සඳහා උන්වහන්සේව අධිකරණයට ඉදිරිපත් කිරීම මෙහි අරමුණ වී තිබේ.



























