ඩීසල් මිල අඩු කිරීම බස් හිමියන්ගේ විරෝධයට

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද (ජූලි 01) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබියදී, ඊට පෙර දිනයේ රජය විසින් ඩීසල් මිල පහත දැමීම බස් හිමියන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබේ. මෙය බස් හිමියන්ට සිදු කළ වංචාවක් ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා චෝදනා කරයි.​ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව සියයට 20ක ගාස්තු වැඩිවීමක් අපේක්ෂාවෙන් සිටියද, ආණ්ඩුවේ මෙම හදිසි ඉන්ධන මිල සංශෝධනය හේතුවෙන් එම ප්‍රතිශතය සියයට 15ක් හෝ 17ක් වැනි මට්ටමකට සීමා වනු ඇති බව ඔහු පෙන්වා දෙයි. මෙය බස් හිමියන්ගේ අපේක්ෂාවන් කඩ කිරීමක් බව සභාපතිවරයාගේ අදහසයි.​තවදුරටත් මෙවැනි තත්ත්වයන් මත පදනම්ව කටයුතු කරන්නේ නම් සහ ජාතික ප්‍රතිපත්තිය අනුව නිසි ගාස්තු වැඩිවීමක් නොලැබුණහොත්, අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමුවීමට හෝ අදාළ ජාතික ප්‍රතිපත්තියෙන් ඉවත් වීමට කටයුතු කරන බව ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් අනතුරු අඟවා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,214

Leave A Reply

Your email address will not be published. Required fields are marked *