මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 68ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි. මෙම වසරේ ඊයේ (12) දිනය දක්වා කාලය තුළ සිදු කරන ලද සංගණනවලට අනුව මෙම වර්ධනය වාර්තා වී තිබේ.ඒ අතරම, මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 91,059ක් ඉක්මවා ගොස් ඇති බවද එම ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි. වෛරසයේ පැතිරීම හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රෝගීන් වාර්තා වීම අඛණ්ඩව සිදුවෙමින් පවතී.වර්තමානයේදී ඩෙංගු රෝගී තත්ත්වයන්ගෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයටයි. එම දිස්ත්‍රික්කයෙන් පමණක් වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 19,406ක් ලෙස සටහන් වේ.



























