ජපානයේදී තියුණු ආයුධ ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික සිසුවෙකු ජීවිතක්ෂයට

ජපානයේ චිබා ප්‍රාන්තයේ නේවාසිකාගාරයකදී තියුණු ආයුධයකින් සිදු කළ මාරාන්තික ප්‍රහාරයකින් 21 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු මියගොස් තිබේ. එරට අධ්‍යාපන කටයුතු සඳහා ගොස් සිටි මෙම සිසුවාගේ ඝාතනයත් සමඟ ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් වාර්තා විය.​මෙම අපරාධය සිදු කර ඇත්තේ මියගිය තැනැත්තා සමඟ එකම ලැගුම්හලේ රැඳී සිටි 18 හැවිරිදි තවත් ශ්‍රී ලාංකික තරුණයෙකි. දෙදෙනා අතර හටගත් බහින්බස්වීමක් දුරදිග යෑම මෙම මාරාන්තික ප්‍රහාරයට මුල් වී ඇති බව ජපාන පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත.​තමාට සහ තම මවට එරෙහිව කරන ලද අපහාසාත්මක ප්‍රකාශ හේතුවෙන් ඇති වූ දැඩි කෝපය පාලනය කරගත නොහැකිව මෙම ප්‍රහාරය එල්ල කළ බව සැකකාර සිසුවා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පිළිගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.

What's your reaction?

Related Posts

1 of 881

Leave A Reply

Your email address will not be published. Required fields are marked *