ඩෙංගු මර්දනයට කඩුවෙලින් නව වැඩපිළිවෙළක්: අබලි ද්‍රව්‍ය ඉවත් කිරීම ඇරඹේ

ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් කඩුවෙල නගර සභාව විසින් තම බල ප්‍රදේශය ආවරණය වන පරිදි විශේෂ පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කර තිබේ. විශේෂයෙන්ම නිවෙස් අවට පරිසරයන්හි ජලය රැඳී මදුරුවන් බෝ විය හැකි පැරණි ටයර්, ප්ලාස්ටික් භාජන සහ අනෙකුත් අබලි ද්‍රව්‍ය එකතු කර ඉවත් කිරීම මෙම වැඩසටහනේ මූලික පියවරයි.​මෙම මෙහෙයුමේ කොටසක් ලෙස හෝකන්දර මල්වත්ත පාරේ පිහිටි සේවා පියස පරිශ්‍රයේදී ප්‍රදේශවාසීන් සතු අබලි ද්‍රව්‍ය භාර ගැනීමේ විශේෂ වැඩසටහනක් ඉතා සාර්ථකව පවත්වා තිබේ. එකතු කරනු ලබන මෙම ද්‍රව්‍ය නිසි පරිදි බැහැර කිරීම සඳහා නගර සභාවට අයත් ලොරි රථ කණ්ඩායම් කිහිපයක් ද එම ස්ථානය වෙත යොදවා තිබුණි.​සිය නිවෙස් හා අවට පරිසරය මදුරුවන් බෝ නොවන ලෙස පිරිසිදුව තබා ගැනීමට මෙන්ම, නගර සභාව විසින් දියත් කරන මෙම වැදගත් ජනතා හිතවාදී වැඩසටහන සාර්ථක කර ගැනීමට උපරිම සහයෝගය ලබා දෙන ලෙස ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටී. ඉදිරියටත් මෙවැනි ක්‍රියාමාර්ග හරහා ඩෙංගු රෝගය සමාජයෙන් තුරන් කිරීමට නගර සභාව පියවර ගනිමින් සිටී.

What's your reaction?

Related Posts

1 of 1,209

Leave A Reply

Your email address will not be published. Required fields are marked *