තැලසීමියා මර්දනය උදෙසා ගම්පහදී පැවැත්වුණු විශේෂ මහජන දැනුවත් කිරීමේ මෙහෙයුමක්

ලෝක තැලසීමියා දිනය සැමරීම වෙනුවෙන් කැලණිය ග්ලෝබල් සිංහ සමාජය විසින් සංවිධානය කරන ලද සුවිශේෂී පාගමනක් සහ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගියදා සාර්ථකව පවත්වා තිබේ. කැලණිය විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ වී මාකොල නගරය දක්වා ගමන් කළ මෙම දැනුවත් කිරීමේ පාගමනට විශාල පිරිසක් එක්ව සිටියහ. ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වන මෙම ජානමය රෝගය පිළිබඳව සමාජය තුළ අවබෝධයක් ඇති කිරීම සහ රෝගය පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග හඳුන්වා දීම මෙහි ප්‍රධාන අරමුණ විය.​මෙම වැඩසටහනට සමගාමීව පැවැත්වුණු වෛද්‍ය වැඩමුළුව සඳහා දෙස් විදෙස් ප්‍රවීණ වෛද්‍යවරුන් රැසක් සහභාගී වූ අතර එහි ආරාධිත දේශනය අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා විසින් පවත්වනු ලැබීය. තැලසීමියා රෝගය මර්දනය කිරීම උදෙසා ජාතික මට්ටමින් ගත යුතු පියවර සහ පරීක්ෂාවන්හි වැදගත්කම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කෙරිණි. මහජනතාව තුළ පවතින අවිද්‍යාව දුරු කරමින් නිසි සෞඛ්‍ය පුරුදු සමාජගත කිරීමට මෙවැනි වැඩසටහන් මහත් පිටුවහලක් වන බව සංවිධායක මණ්ඩලය අවධාරණය කළහ.

What's your reaction?

Related Posts

1 of 1,136

Leave A Reply

Your email address will not be published. Required fields are marked *