2026 වර්ෂයේ සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය එළඹෙන දෙසැම්බර් මස 04 වන සිකුරාදා දිනෙන් අවසන් වන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව, 2027 වර්ෂයේ පළමු පාසල් වාරය 2027 ජනවාරි මස 04 වන සඳුදා දින ආරම්භ කිරීමට නියමිතය.අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතාගේ අත්සනින් යුතුව අද (27) නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ. පාසල් වාරය අවසන් වන තෙක් සැලසුම් කර ඇති සියලුම අධ්‍යයන හා විභාග කටයුතු නියමිත කාලසටහන්වලට අනුව බාධාවකින් තොරව අවසන් කිරීමට පියවර ගන්නා ලෙස පළාත් අධ්‍යාපන බලධාරීන්ට සහ විදුහල්පතිවරුන්ට මෙමගින් උපදෙස් දී තිබේ.



























