තොරතුරු තාක්ෂණ කළමනාකරණ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස එම්.එම්.සී.පී. මොහොට්ටිගෙදර පත්වෙයි

තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන එම්.එම්.සී.පී. මොහොට්ටිගෙදර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කර තිබේ. ඒ මහතා දැනට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු (මානව සම්පත් කළමනාකරණ, ආයතනික සහ අමාත්‍ය මණ්ඩල හා පාර්ලිමේන්තු කටයුතු) ලෙස සේවය කරනු ලබයි. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මෙම පත්වීම් යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.​මෙම තනතුර සඳහා වඩාත් සුදුසු නිලධාරියෙකු නිර්දේශ කිරීම වෙනුවෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මීට පෙර විශේෂ කමිටුවක් පත් කර තිබුණි. ඒ අනුව මොහොට්ටිගෙදර මහතාගේ මෙම නව පත් කිරීම සිදු කර ඇත්තේ එම කමිටුව විසින් ලබා දුන් වෘත්තීය නිර්දේශයන්ට අනුකූලවය.

What's your reaction?

Related Posts

1 of 1,181

Leave A Reply

Your email address will not be published. Required fields are marked *