දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට තවදුරටත් වැසි සහ තද සුළං

නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඉදිරියටත් වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මීට අමතරව ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට පස්වරු 1.00 න් පසුව වැසි ඇති වීමේ හැකියාවක් පවතී.​වැසි තත්ත්වයට අමතරව දිවයින හරහා හමන සුළඟේ වේගය ද ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත් මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ද ඇතුළුව ඇතැම් කලාපවල විටින් විට පැයට කිලෝමීටර 30 ත් 40 ත් අතර ප්‍රමාණයක තද සුළං බලාපොරොත්තු විය හැක.​පවතින කාලගුණික තත්ත්වය හමුවේ ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව තද සුළං සහ අකුණු අනතුරු ඇති විය හැකි බැවින්, ඉන් සිදු වන හානි අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,161

Leave A Reply

Your email address will not be published. Required fields are marked *