ඉස්ලාම් බැතිමතුන් අද හජ් උත්සවය සමරයි

ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් භක්තියෙන් යුතුව සමරනු ලබන හජ් උත්සවය හෙවත් කැපකිරීමේ සහ ත්‍යාගවන්තභාවයේ උත්සවය අදට (28) යෙදී තිබේ. ඉස්ලාමීය දින දර්ශනයට අනුව දෙවන ප්‍රධානතම ආගමික උත්සවය ලෙස සැලකෙන මෙය, නබි නායකතුමන්ගේ දේශනාවලට අනුගත වෙමින් සහෝදරත්වයෙන් සහ සාමූහිකත්වයෙන් යුතුව සැමරීම ඉස්ලාම් බැතිමතුන්ගේ සිරිතයි.​මෙම සුවිශේෂී දිනයෙන් සනිටුහන් කෙරෙන්නේ ඉස්ලාමීය ශුද්ධ වූ හජ් වන්දනාවේ අවසානයයි. ශාරීරික මෙන්ම මූල්‍යමය හැකියාවන්ගෙන් පිරිපුන් සෑම මුස්ලිම්වරයෙකුම තම ජීවිත කාලය තුළ එක් වතාවක් හෝ ඉටු කිරීමට බැඳී සිටින දින පහක වන්දනා ගමනක් ලෙස මෙම හජ් වන්දනාව හැඳින්විය හැක.​සමාජයේ ඇති නැති පරතරය සහ විවිධ භේදයන් තුරන් කරමින්, මිනිසුන් අතර සමානාත්මතාවය හා සහජීවනය ගොඩනැඟීම හජ් උත්සවයේ මූලිකම අරමුණ වේ. උත්සවය සමරන සියලු දෙනා මේ තුළින් එකිනෙකා කෙරෙහි කරුණාව සහ පරිත්‍යාගශීලීත්වය ප්‍රදර්ශනය කිරීමට ද උත්සුක වෙති.

What's your reaction?

Related Posts

1 of 783

Leave A Reply

Your email address will not be published. Required fields are marked *