දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං

බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත් ඇතුළුව මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මීට අමතරව ඌව පළාතේත්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි වැසීමේ හැකියාවක් පවතී.​මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මෙන්ම උතුර, උතුරු-මැද, වයඹ, දකුණ සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර වේගයකින් හමන තරමක තද සුළං බලාපොරොත්තු විය හැක.​ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලිකව හමායන තද සුළං සහ අකුණු අනතුරු බහුල විය හැකි බැවින්, ඉන් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,165

Leave A Reply

Your email address will not be published. Required fields are marked *