සබරගමුව පළාතේ මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඉදිරියේදී වැසි වාර කිහිපයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම බස්නාහිර, වයඹ පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ද අද දිනයේ සුළු වශයෙන් වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.දිවයිනේ නැගෙනහිර ප්‍රදේශ පිළිබඳව සඳහන් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයකට පස්වරු 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.මීට අමතරව, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද සහ සබරගමුව පළාත්වලත්, පුත්තලම, මන්නාරම, ත්‍රිකුණාමලය, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40-50 ත් අතර තද සුළං හැමීමේ ප්‍රවණතාවක් පවතී. එම නිසා ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළංවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.























