දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ඉදිරියේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකිය. එමෙන්ම වයඹ පළාතේ ප්‍රදේශවලද වැසි වාර කිහිපයක් වාර්තා විය හැකි බව කාලගුණ අංශ පෙන්වා දෙයි.​මීට අමතරව, ඌව පළාතේ මෙන්ම මඩකලපුව, අම්පාර සහ මුලතිව් දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට දහවල් 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතී.​ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රදේශයේ තාවකාලික තද සුළං ඇති විය හැකි බැවින්, අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දන්වා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,281

Leave A Reply

Your email address will not be published. Required fields are marked *