දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි

අද (3) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක කාලගුණයේ යම් වෙනස්කම් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව, උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය පසුබිමක් මේ වන විට නිර්මාණය වෙමින් පවතියි. මීට අමතරව, බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද වැසි වාර කිහිපයක් අපේක්ෂා කළ හැක.පස්වරු 2.00 න් පසු ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලටත්, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලටත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වැටෙනු ඇත. මෙම ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් සහ අකුණු අනතුරු සිදුවිය හැකි හෙයින්, ඒ පිළිබඳව සැමවිටම කල්පනාකාරී වන ලෙස කාලගුණ අංශ ජනතාවට අවධාරණය කරයි.

What's your reaction?

Related Posts

1 of 1,368

Leave A Reply

Your email address will not be published. Required fields are marked *