උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උතුරු, උතුරු-මැද, නැගෙනහිර පළාත් සහ මොනරාගල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කවල ජනතාව වෙනුවෙන් උණුසුම් කාලගුණයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, හෙට (03) දින දිවා කාලයේදී එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් තාප දර්ශකය ‘අවධානය යොමු කළ යුතු මට්ටම’ දක්වා ඉහළ යා හැකි බව අපේක්ෂා කෙරේ.​සාපේක්ෂ ආර්ද්‍රතාව සහ උපරිම උෂ්ණත්වය මත පදනම්ව ගණනය කෙරෙන මෙම තාප දර්ශකය යනු සිරුරට සැබවින්ම දෙසෙන උණුසුම් ස්වභාවය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. මෙම කාලගුණ තත්ත්වය යටතේ හිරු රශ්මියට දිගු වේලාවක් නිරාවරණය වීම සහ එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදීම නිසා විඩාවට පත්විය හැකි අතර, දිගින් දිගටම එම කටයුතුවල නිරත වීමෙන් මස්පිඬු ආශ්‍රිත කැක්කුම් ඇති වීමටද ඉඩ ඇත.​එබැවින්, ප්‍රමාණවත් පරිදි ජලය පානය කරමින් සජලව සිටින ලෙසත්, වෙහෙසකර එළිමහන් ක්‍රියාකාරකම් සීමා කරන ලෙසත් අදාළ ප්‍රදේශවල පදිංචිකරුවන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,313

Leave A Reply

Your email address will not be published. Required fields are marked *