ශ්රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ හටගෙන ඇති කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් අද සවස් කාලයේ සිට දිවයින පුරා වැසි තත්ත්වයේ කැපී පෙනෙන වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව, දිවයිනේ බොහෝ ප්රදේශවල පස්වරු 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව පවතී.විශේෂයෙන්ම උතුරු, උතුරු මැද, මධ්යම, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි පතිත විය හැකි අතර, උතුරු සහ වයඹ පළාත්වල උදෑසන කාලයේදීද වැසි ඇති විය හැකි බව සඳහන් වේ. එසේම, බස්නාහිර, සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ප්රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකිය.ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු උවදුරු නිසා සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණ අංශ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.



























