දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය කිහිපය තුළ මිනිස් සිරුරට දැඩි ලෙස උණුසුම දැනෙන කාලගුණ තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම අවවාදාත්මක නිවේදනය නැගෙනහිර පළාත ඇතුළු පොළොන්නරුව, යාපනය, කිලිනොච්චි, මුලතිව් සහ මොනරාගල යන දිස්ත්‍රික්ක සඳහා විශේෂයෙන් බලපැවැත්වෙන අතර, අදාළ ප්‍රදේශවල දිවා කාලයේ උණුසුම් දර්ශකය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.​මේ හේතුවෙන් මහජනතාවට, විශේෂයෙන්ම වැඩිහිටියන්ට සහ රෝගීන්ට සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස බලධාරීන් දැනුම් දී සිටී. ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ සහිත ප්‍රදේශවල විවේක ගැනීම මෙන්ම දැඩි අව් රශ්මියෙන් වැළකී සිටීම මෙම දිනවල අතිශයින් වැදගත් වේ.​තවද, කුඩා දරුවන් කිසිදු විටෙක වාහන තුළ තනිකර දමා යාමෙන් වළකින ලෙසත්, සිරුරට තද උණුසුම දැනීම අවම කර ගැනීම සඳහා ලා පැහැති හා සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,301

Leave A Reply

Your email address will not be published. Required fields are marked *