දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි උණුසුමක්

උතුරු-මැද, නැගෙනහිර පළාත්වල මෙන්ම යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියා, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම ඉහළ මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. අද පස්වරු 4.00 සිට හෙට පස්වරු 4.00 දක්වා වලංගු වන පරිදි නිකුත් කර ඇති මෙම නිවේදනයේ සඳහන් වන්නේ උණුසුම් දර්ශකය “අවධානය යොමු කළ යුතු” මට්ටමට ළඟා විය හැකි බවයි.මෙම තත්ත්වය හේතුවෙන් සෞඛ්‍යයට ඇතිවිය හැකි බලපෑම් අවම කරගැනීමට කටයුතු කරන ලෙස දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, හැකි සෑම විටම සෙවන සහිත ස්ථානවල විවේක ගැනීම සහ අධික වෙහෙසකාරී වැඩ කටයුතු සීමා කිරීම වැදගත් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඒ සමඟ සුදු හෝ ලා පැහැති ලිහිල් ඇඳුම් ඇඳීම ද යෝජනා කර තිබෙනවා.විශේෂයෙන් වැඩිහිටියන්, රෝගීන් සහ කුඩා දරුවන් සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන ලෙසත් සඳහන්. කුඩා දරුවන් වාහන තුළ තනිකර තැබීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතු බවටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

What's your reaction?

Related Posts

1 of 1,314

Leave A Reply

Your email address will not be published. Required fields are marked *